Friday, September 20, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය හම්බන්තොට වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක්…හම්බන්තොට චීනෙට දුන්නොත් රටට අනාගතයක් නැති බව ඇමෙරිකාව පෙන්නුවා – විජයදාස

පාස්කු ඉරිදා ප්‍රහාරය හම්බන්තොට චීන වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

30 කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාවට බාධාවක් වන මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ඉඩම් විකිණීම රනිල්ගේ ප්‍රයත්නය. රනිල්ට මතක් කරනවා. ජනතා ඉඩම් කොල්ලකෑම. මහබැංකුව කොල්ලකෑම තරම් පහසු නැහැ. ඕන අභියෝගයකට සූදානම්. ජනපතිවරණයට ඉදිරිපත් වුණොත්. ඇප නැතිව ගෙදර යවනවා

පාස්කු බෝම්බයට ත්‍රස්තවාදීන් පාවිච්චි කළා. අමෙරිකාව සහ යුරෝපයේ කුමන්ත්‍රණයක්. ඒ රටවල් ආණ්ඩුවට අනතුරු ඇඟවූවා. හම්බන්තොට වරාය චීන සමාගමකට දුන්නොත්. රටට අනාගතයක් නැහැ කියලා

ජාතිවාදී ගැටුම් ඇතිවුණා. මේ සියල්ල හම්බන්තොට ගිවිසුමේ ප්‍රතිඵල. ජාතික ආරක්ෂාවට බාධාවක්. ගිවිසුම අහෝසි කළ යුතුයි. විකුණද්දි ණය ඩොලර් බිලියන 60යි. දැන් ඩොලර් බිලියන 85 ඉක්මවලා. මෙරට විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක්. රනිල් ප්‍රමුඛ නඩය කරනවා“

(Lanka Leads)