Saturday, April 20, 2024
Follow Us
රටවල් 39කින් පැමිණෙන සංචාරකයන්ට on arrival වීසා සහ නොමිලේ වීසා ලබාදීම අගෝස්තු 1 සිට

මේ වන විට ශ්‍රී ලංකාව විසින් නවතා දමා තිබෙන, ලංකාවට ඇතුල් වූ පසුව වීසා අවශ්‍යතා සපුරන සංක්‍රමණිකයන් සඳහා වීසා ලබාදීමේ වැඩසටහන අගෝස්තු 1 දා සිට නැවත ආරම්භ කිරීමට නියමිත ය.

සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා තිබෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම යෝජනාව සකස් කළ බවත්, එයට කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිත බවත් ය.

අප්‍රේල් 21 දා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම වීසා වැඩසටහන් මැයි 1 දා පටන් තාවකාලිකව නතර කෙරිණි.

සංචාරක අමාත්‍යාංශය පවසන්නේ මාස 6 ක කාලසීමාවක් සඳහා නව වැඩසටහන අත්හදා බලන බවයි.

නමුත් එහිදී ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් ඔන් අරයිවල් සහ නොමිලේ වීසා ලබාදීම තවදුරටත් අත්හිටවනු ලැබේ.

මේ අනුව කැබිනට් අනුමැතිය ලබාදීමෙන් පසු පහත රටවල් 39 න් ලංකාවට පැමිණෙන්නන් සඳහා නව වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇත.

ඔස්ට්‍රියාව
බෙල්ජියම
බල්ගේරියාව
කාම්බෝජියාව
ක්‍රොයේෂියාව
සයිප්‍රස්
චෙක් සමූහාණ්ඩුව
ඩෙන්මාර්ක්
එස්තෝනියාව
ෆින්ලන්තය
ප්‍රංශය
ජර්මනිය
ග්‍රීසිය
හන්ගේරියාව
අයර්ලන්තය
ඉතාලිය
ලැට්වියාව
ලිතුවේනියාව
ලක්සම්බර්ග්
මෝල්ටාව
නෙදර්ලන්තය
පෝලන්තය
පෘතුගාලය
රොමේනියාව
ස්ලෝවැක් සමූහාණ්ඩුව
ස්ලෝවේනියාව
ස්පාඤ්ඤය
ස්වීඩනය
එක්සත් රාජධානිය
ඇමරිකා එක්සත් ජනපදය
ජපානය
ඔස්ට්‍රේලියාව
දකුණු කොරියාව
කැනඩාව
සිංගප්පූරුව
නවසීලන්තය
මැලේසියාව
තායිලන්තය
ස්විට්සර්ලන්තය
මෙම තීරණය මගින් ලංකාවේ මේ වනවිට පසුබා තිබෙන සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට රුකුලක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

(LNW)