Friday, April 26, 2024
Follow Us
ශී‍්‍ර ලංකාවේ ඉදිරි දේශපාලනය ගැන හොයන්න ඇමෙරිකානුවන් දෙදෙනෙක් ඇවිත්

ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් වූ ඬේමියන් ටර්ජ් සහ සෙල්වා කසිම් මෙරටට පැමිණ ඉදිරි ජනපතිවරණය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කිහිප දෙනකු සමඟ රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත.

මෙම රහස් සාකච්ඡුාව පවත්වා ඇත්තේ කොළඹ සුපිරි හෝටලයක පිහිටි පෞද්ගලික කාමරයක බව හෙළිවී තිබේ.

ඇමරිකානු නිලධාරීන් සමග මෙම සාකච්ඡුාවන්ට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප‍්‍රධානි මාර්කස් සර්ස්න්ට්ද සම්බන්ධ වී ඇත.

ඇමරිකානු සෝෆා ආරක්‍ෂක ගිවිසුමට විරෝධය දැක්වීම, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරණයට තරග කිරීම හා ශී‍්‍ර ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව යන කරුණු ගැන මෙහිදී සාකච්ඡුාවට භාජනය වී තිබේ.

ඇමරිකානු සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ ප‍්‍රධානතම නිලධාරීන් වූ ටර්ජ් සහ සෙල්වා කසිම්ගේ මෙරට සංචාරය ඇමරිකානු තානාපති කාර්යාලය විසින් වසන් කර තිබිණි.

(Lanka Leads)