Monday, February 16, 2026
Follow Us
ලංකා රජයට නොදන්වා මානව හිමිකම් කවුන්සිලය හොරෙන්ම යුද අපරාධ නඩු අහලා – සුකාගෙන් ප්‍රකාශයක්

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්‌ ගැන මානව හිමිකම් කවුන්සිලය හොර රහසේ නඩු විභාග පවත්වා ඇතැයි හෙළිවී ඇත. මේ බව හෙළිකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකායි.

ඇය ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ නඩු විභාග පවත්වා ඒ අනුව 2015 දී ඒකාබද්ධ වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කළ බවයි.

මානව හිමිකම් කවුන්සිලය මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග පවත්වන බව ශ්‍රී ලංකා රජයට පවා දැනුම් දී නැත.

මෙම හොර රහසේ පැවැත්වූ නඩු විභාග සඳහා විවිධ සාක්‌කිකරුවන් තමන්ට දිවුරුම් ප්‍රකාශ පවා ලබා දුන් බව යස්‌මින් සුකා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

(Lanka Leads)