Thursday, April 25, 2024
Follow Us
ඇමති නවීන් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිප්ට්ස් අතර සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී අද (12) පෙරවරුවේ පැවැත්වුණා. මෙහිදී දෙපාර්ශවය අතර තේ, රබර්, පොල්, සීනි හා කජු වැනි වැවිලි ක්ෂේත්‍රයන් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ.

අමෙරිකානු විශ්ව විද්‍යාල වලින් එරට තාක්ෂණික දැනුම මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට අධ්‍යනයට අවස්ථාවක් ලබා දෙන ලෙසද නවීන් දිසානායක අමාත්‍යවරයා අමෙරිකානු තානිපතිනියගෙන් මෙහිදී ඉල්ලීමක් කළා. අමෙරිකානු තානාපතිනිය මෙහිදි අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙරට මාර්ගවල පවතින තදබදය අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියකට අරමුදල් ලබා දීමට අමෙරිකාව බලාපොරොත්තු වන බවයි.

(Neth)