Friday, April 19, 2024
Follow Us
ඕමාන් තානාපති කාර්යාලයට : නොමිලේ ඇමතුම් පහසුකම්

ඕමාන් තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත (Tall free) දුරකතන සම්බන්ධතාවයක් හදුන්වා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සදහා එම පහසුකම වලංගු බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙසේ ගාස්තු රහිත දුරකතන පහසුකම් ලබාදීම හරහා ඕමානයේ සේවයේ නියුතු ශ්‍රි ලාංකිකයින් හට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීමේ හැකියාව උදාවන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

(News Tube)