Monday, February 16, 2026
Follow Us
ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩිදුරටත් ඉගෙනීමට : අජිත් පී. ඇතුළු පිරිසක් එංගලන්තයට !

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම සංවිධානය කරන අධ්‍යයන චාරිකාවක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා ගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

පක්ෂ,විපක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස මේ මස 05 වැනිදා දක්වා එරට රැදී සිටිනු ඇත.

මෙම සංචාරය තුළදී ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳව එක්සත් රාජධානියේ අත්දැකීම් හුවමාරු කරගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

(News Tube)