පවතින වැසි සහිත අයහපත් කාලගුණය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරිය ජනතාවගෙන් ඉල්ලයි.
පවතින වැසි සහිත අයහපත් කාලගුණය හෙත්තුවන් අනතුරු ඇඟවීමේ 3 වන මට්ටමේ ඉවත් වන්න රතු නිවේදන නිකුත්කර ඇති නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාව ට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඉල්ලිමක් කරයි.
දිස්ත්රික්කයේ බොහොමයක් ප්රදේශවලට වරින් වර වැසි ඇද හැලෙන බවත්, ඒ අනුව රතු නිවේදන නිකුත්කල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල අවධානම් මට්ටම සදහන් කර ඇති ස්ථනවල පදිංචි පිරිස් අවට භූමිය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් ලේකම්වරිය දන්වා සිටි.
ග්රාම නිලධාරින් ඇතුළු ආපදා කටයුතු සිදු කරන සියලු නිලධාරි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඒ සඳහා සුදානම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තලවාකැලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසට 02 වන මට්ටමේ
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති බවත් සදහන් කල දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය තව දුරටත් සදහාන් කලේ මේ දක්වා මාර්ග වෙත සුලු කණ්ඩි කඩාවැටිම් කිහිපයක් වාර්තාවුවත් ඉන් ගමනාගමනයට බාදා එල්ලවි නොමැති බවයි.