සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.