Friday, August 07, 2026
Follow Us
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් එම සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් කිහිප දෙනෙකුට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවත් වාර්තා වෙයි.

මෙම තත්ත්වය හේතුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට පත් වීමත් සමඟ මෙම කලහාකාරී තත්ත්ය බවයි මේ වනවිට වාර්තා වී තිබෙන්නේ.බන්ධනාගාරයේ E වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් මෙම නොසන්සුන්තාවට හේතු වී ඇත.

මේ අතර, බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා තිබේ.