Friday, February 27, 2026
Follow Us
"පොඩි ලැසී" ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන එයි

ඉන්දියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් 'පොඩි ලැසී' ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. 

 රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගියේ ය.