Thursday, September 11, 2025
Follow Us
ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලැස්මක්
මෑතකදී සිදුවූ අනතුරු පිළිබඳ අවධානය යොමු කරමින් මගී ජනතාවට ‘අනතුරු වළකන සුරක්ෂිත ගමනාන්තයක්’ ලබාදීමට අවශ්ය වන තිරසර වැඩපිළිවෙල සැකසීමේ පොදු යාන්තරණය ක්රියාත්මක කිරීමට අදාළ කෙටිකාලීන සහ දිගුකාලීන සැලැස්ම ක්රියාත්මක කරන බව පරවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.

 

රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් පරවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශය කරියාත්මක කරනු ලබන කෙටිකාලීන සැලැස්ම සහ දිගුකාලීන වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්ය හමුවට එක් වෙමින් අමාත්යවරයා මේ බව පැහැදිලි කළේය.
 
රවාහනයේ ආරක්ෂාව සඳහා විධිමත් මාර්ග පද්ධතියක්, ආරක්ෂිත රථවාහන ඇණියක් සහ චර්යා පිරිපුන් රියදුරන්ගෙන් සමන්විත කරමවේදයක ඇති අවශ්යතාව අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
නීතියට හා දඬුවම්වලට සීමා නොවී ආකල්පමය වෙනසක් තුළින් පරවාහනයේ ආරක්ෂාව සඳහා ඒකාබද්ධ ආයතන සම්බන්ධීකරණයක් ස්ථාපිත කිරීමත්, නවීන තාක්ෂණය භාවිතා කරමින් සුරක්ෂිත රිය ධාවනයක් ඇති කිරීමත් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව පරවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශය, මෝටර් රථ පරවාහන දෙපාර්තමේන්තුව, මාර්ගස්ථ මගී පරවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසම, ශරී ලංකා පොලීසිය සහ ශරී ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතනවල සම්බන්ධීකරණ දායකත්වයෙන් තිරසර මාර්ග ආරක්ෂණ වැඩසටහනක් සැකසීම පිළිබඳ කරුණු සහ පරවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී කරියාත්මක කිරීමට යෝජිත ආරක්ෂිත විධි කරම පිළිබඳ අමාත්යවරයා මාධ්ය හමුවේ අනාවරණය කළේ ය.
 
සියලූම දුර ගමන් බස් රථ ධාවනය ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීම, ආරම්භයේදී කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ පරවාහන මධ්යස්ථානය කේන්ද්ර කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිසමේ අධීක්ෂණය යටතේ එළඹෙන ඔක්තෝබර් මස සිට මෙම කරමවේදය කරියාත්මක කරනු ලබයි.
 
දුර ගමන් විනෝද චාරිකා බස් රථ ද මෙම තත්ත්ව පරීක්ෂණය සිදුකිරීම අනිවාර්ය කිරීම, කි. මී. 100 ට වඩා දුර ගමන් ගන්නා බස් රථ සඳහා සහ අන්තර් පළාත් බස් රථ සඳහා යෝග්යතා සහතිකයක් ධාවනය ආරම්භයට පැය 48 කට පෙර ලබාගැනීම, මෝටර් රථ ධාවන නීතිය අනුව පොදු පරවාහන රියැදුරු බලපතරය ලබාගැනීමට පුහුණුව ලබා ගැනීමෙන් අනතුරුව මගී පරවාහන රියැදුරු බලපතරය ලබාගැනීම අනිවාර්ය කිරීම, දැනටමත් ආරම්භ කර ඇති අනවශ්ය අලංකරණ කොටස් ඉවත් කිරීම කඩිනම් කිරීම, ලොරි හා ටරක් රථ සඳහා රියැදුරු සහායකයෙකු අනිවාර්ය කිරීම, රියැදුරන්ගේ විඩාව, නින්ද අධීක්ෂණය කිරීමට සහ අපරික්ෂාකාරී ධාවනය පිළිබඳ සංඥා ලබාදීමට කෘතීම බුද්ධි උපකරණ පද්ධති සවිකිරීම, රියැදුරු වෘත්තීයභාවය ඉහළ නැංවීමට කරියාමාර්ග ගැනීම, අනවශ්ය ශබ්ද තරංග සහ ආලෝකකරණය පාලනය කිරීම, බස් රථ දෝෂ වාර්තා කිරීමට ලබාදී ඇති වට්ස්ඇප් අංක මගින් තොරතුරු ලබා දී දෝෂ නිරාකරණයට සෘජු මගී දායකත්වය ලබාගැනීම, පාසැල් ළමුන් පරවාහන බස්රථ, වෑන් රථ හා තරිරෝද රථ නියාමනයට අධ්යාපන අමාත්යංශය සමග එක්ව නව නීති සහ රෙගුලාසි සකස් කිරීම සහ මේ සඳහා විදුහල්පතිවරුන්, දෙමව්පියන් සහ බස් හිමියන් එක්ව වාහන යෝග්යතාවය පිළිබඳ එකඟතාවයකට පැමිණීමද මෙම වැඩපිළිවෙලට අන්තර්ගතයි.
 
2026 ජනවාරි මස සිට දුර ගමන් බස් රථ සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම, දුම්රියේ අඩුපාඩුකම් නිසා සිදුවන අනතුරු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ රක්ෂණ සංස්ථාව සමග එක්ව දුම්රිය රක්ෂණ කරමයක් හඳුන්වා දීම, රිය අනතුරකදී දැනට ලබාදෙන රුපියල් මිලියනයක වන්දි මුදල වැඩි කිරීම සඳහා නීති පරතිසංස්කරණයන්ට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුලු පරවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා කරියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.