Thursday, June 05, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයක රාත්‍රී කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.