Tuesday, February 17, 2026
Follow Us
දේශබන්දුට ලබන 19 පරීක්ෂණ කමිටුවේ පෙනී සිටින ලෙස දන්වයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මැයි මස 19 වැනිදා ‘පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව’ හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව විසින් දැනුම්දී තිබේ.

මෙම කමිටුව මේ වන විට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර ඒ අනුව ඉදිරි විමර්ශන වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙසේ විමර්ශන කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස කමිටුව විසින් පළමුවරට දැනුම්දී ඇත.