Monday, February 10, 2025
Follow Us
කුරුඳුවලින් අලි මට්ටු කිරිමට යයි

 බෝග වගාවේදී  දී ඇතිවන වන අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාස තුළ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබේ.

මහවැලි ඊ කලාපයේ  පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොළ කොට්ඨාස  තුළ වෙසෙන ගොවි මහතුන් සිය දෙනකු තෝරාගෙන එක් ගොවි මහතකුගේ බිම් අක්කර කාලක් සඳහා කුරුඳු පැල 900 ක් මේ යටතේ ලබා දීමට නියමිතය.   

වගා කිරීමට නියමිත කුරුඳු පැළ ප්‍රමාණය ලක්ෂයකි.  ලංකාවේ කුරුඳු සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම වගාව මහවැලි ඊ කලාපයේ ප්‍රචලිත කිරීම මගින් එම ප්‍රදේශවල ගොවියන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ .

තවද කුරුදු වගාවට වන අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම ද මෙමගින් අවම කර ගත හැකි වනු ඇත.