පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) සිදු කෙරිණ.
නවීන පහසුකම් වලින් සමන්විත මෙම කාර්යාලය නුවරඑළිය ලේඩි මැකලම් පාර අංක 95/26/A දරන ස්ථානයේ පිහිටා ඇත.
ජාතික හැදුනුම්පත් එක්දින සේවාව සහ විදේශ ගමන් බලපත් සදහා ඇඟිලි සලකුණු ලබා ගැනීමේ සේවාවන් මෙමගින් සලසා ගත හැක.