Friday, July 04, 2025
Follow Us
විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලා සිටි.

මෙම විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.