Tuesday, May 21, 2024
Follow Us
යුරෝපා සංගමය යළි ලොවට විවර වෙද්දී ශ්‍රී ලංකාව නොසලකා හැරලා

ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනයෙන් ජයගත් බව රජය ප්‍රකාශ කළ ද යුරෝපා සංගමය වෙත ඇතුළු වීමට අවසර ලබාදීමට නියමිත රටවල් අතරට ශ්‍රී ලංකාව නම් නොකිරීමට එම සංගමය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

එළඹෙන ජුලි 01 වනදා සිට යුරෝපා සංගමය ලොව රටවල් 54ක ජනතාවට විවෘත කිරීමට නියමිතය.

මේ වනවිට විශාල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින ඉන්දියාව පවා එම රටවල් 54 අතරට ඇතුළත්ව සිටියදී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවෙහි නොමැතිවීම විශේෂත්වයකි.

භූතානය, කෝස්‍ටාරිකා, නැමීබියාව, රුවන්ඩා, ඩොමිනික්, මුරුසි, කියුබාව, උගන්ඩාව, ඉතියෝපියාව යනාදී රටවල් ද මෙම ලැයිස්තුවෙහි සිටියදී ශ්‍රී ලංකාව ඊට ඇතුළත් නොකිරීම කැපී පෙනෙන සිදුවීමකි.

(LNW)