Thursday, September 19, 2024
Follow Us
ඇමරිකා ශ්‍රී ලංකා ගිවිසුමට ජනපති විරෝධය

ඇමෙරිකාව සමග අත්සන් කර ගැනීමට යෝජිත හස්ශ්‍ර අභියෝගතා සහයෝගිතා ගිවිසුම( millennium challenge corporation) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විරෝධය පල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම ගැටළුකාරී වී ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගිතා ගිවිසුමක් ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇති අතර ඒ යටතේ විවිධ කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන400 ක ප්‍රධානයක් ද ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකානු රජය එකඟතාවය පළ කර ඇති බව වාර්තාවේ. පළමු වසරේ 25%ක් වශයෙන් වසර හතරකින් ලබාදීමට ඇමෙරිකාව යෝජනා කර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකාවේ බස් සේවය නවීකරණය අන්තර් පළාත් මහාමාර්ග සංවර්ධනය ඉඩම් ගිණුම්කරණය හා මිනින්දෝරු දෙපාර්තමේන්තුව නවීකරණය යන කාර්ය සඳහා එම ප්‍රධාන ලබා දීමට යෝජනා වී ඇති බවද රජයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

රටවල් දෙකක් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇති අතර එය කිසිම ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි ලෙස සකස් කරනු ඇතැයිද පැවසේ.

මෙම තත්වය තුළ ගිවිසුම අත්සන් කිරීමට එකඟ වීමට නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බව ද රජයේ ආරංචිමාර්ග සදහන් කරයි. මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ බව දැනගන්නට ඇත. මේ අතර මෙම නව ගිවිසුම හරහා කොළඹ සිට ත්‍රිකුණා ත්‍රිකුණාමලය දක්වා ඉඩම් තීරුවක් ද ඇමෙරිකාවට බදු දෙන බවට ජාතික සංවිධාන පසුගියදා චෝදනා කර තිබුණි.

(Lanka Leads)