Tuesday, February 17, 2026
Follow Us
පාස්‌කු ප්‍රහාරයෙන් පසු එන්. ජී. ඕ. එකකට යුරෝපා සංගමයෙන් කෝටි 4 ක්‌ ලැබිලා

පාස්‌කු ඉරිදා ප්‍රහාරය නිසා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකට රුපියල් කෝටි හතරක මුදලක්‌ ලැබී ඇත. ආගමික සහජීවනය ඇති කිරීම සඳහා මේ මුදල ලැබී ඇතැයි ආරංචි මාර්ග කියා සිටියි.

යුරෝපා සංගමය විසින් මේ මුදල ලබාදී ඇත. එහෙත් පාස්‌කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වලට යුරෝපා සංගමය මෙතෙක්‌ කිසිදු ආධාරයක්‌ හෝ බරපතළ තුවාල ලැබූවන් යුරෝපයේ ප්‍රධානතම රෝහල්වලට යවා ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා නැත.

යුරෝපා සංගමය විසින් මෙලෙස මුදල් සපයා ඇත. රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා රජයේ ආයතනයක ද සේවය කරන අතර ඔහුට රජයෙන් මසකට රුපියල් 75000 ක වැටුපක්‌ ද ගෙවන බව හෙළි වී තිබේ.

(Divaina)