ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න නම් ඩොලර් කෝටි 200ක්වත් විදේශ ආධාර ඕනෑ - පී.බී. කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 200ක්වත් විදේශ මූල්‍ය ආධාර ලැබිය යුතුබව ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ "දේශය" පුවත්පත කළ විමසීමකදීය. (LNW)