Friday, July 10, 2026
Follow Us
මීගොඩ ආර්ථිකයේ වෙළඳ මෙහෙයුම් කාණ්ඩ 2ක් යටතේ

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ මෙහෙයුම් කටයුතු අද (24) සිට කාණ්ඩ දෙකක් යටතේ සිදු කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

කුඩා තොග ගැණුම්කරුවන් සඳහා උදෑසන 7 සිට දහවල් 12 දක්වාත් විශාල තොග ගැණුම්කරුවන් සඳහා දහවල් 2 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තැබෙයි.

එමෙන්ම මුඛ ආවරණයක් නොමැතිව කිසිවෙකුට ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළු විමේ හැකියාවක් නැත.

(Aruna)