Wednesday, May 14, 2025
Follow Us
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (19) විවෘත කෙරුණා. ඒ අනුව පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉකුත් දින 14 ක් පුරා වසා දැමුණේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට විවෘත කෙරුණ ද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මධ්‍යස්ථානයට පිවිසෙන සියලූ දෙනා තමන්ගේ දෑත් පිරිසිදුව තබා ගැනීම සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පෙර විෂබීජහරණය කිරීමේ ව්‍යාපෘතියක්ද දඹුල්ල මහ නගර සභාව විසින් ආරම්භ කරනු ලැබ තිබෙනවා.

(Neth)