Tuesday, April 07, 2026
Follow Us
ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ටත් සහන

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පාරිභෝගිකයන්ටද සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

තවද ලබා දී ඇති සියලුම බැංකු- චෙක්පත් සඳහා වලංගු කාලය අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ විශේෂිත බැංකු කිහිපයක් විවෘත කර තැබීමටද නියමිතය. සංචාරක, අත්‍යවශ්‍යය ආහාර, ඖෂධ ආනයනය කිරීමේදී ජාත්‍යන්තර ගනුදෙනු සඳහා මෙම බැංකු ශාඛා විවෘතව තැබේ.


(Aruna)