Wednesday, February 18, 2026
Follow Us
කොළඹ කොටස් වෙළද පොල ගණුදෙනු තාවකාලිකව අත්හිටුවෙයි

කොළඹ කොටස් වෙළද පොල ගණුදෙනු තාවකාලිකව අත්හිටුවීමට අද සිදුවුණා. ඒ, ප‍්‍රධාන සමාගම් 20 ක් නියෝජනය කරන එස් ඇන් පී ශී‍්‍ර ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5 කට වැඩි ප‍්‍රමාණයකින් පහත වැටීම හේතුවෙන්.

අද දිනයේ එම දර්ශකය පහත වැටුණේ සියයට 5 යි දශම බින්දුවයි 5 කින්. කොරෝනා වෛරසය හේතුවෙන් මූල්‍ය ක්‍ෂේත‍්‍රවල පවතින පසුබෑම එම තත්ත්වයට හේතුවී තිබෙනවා.

(Neth)