Thursday, July 23, 2026
Follow Us
බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මැදපෙරදිග කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් තවදුරටත් සීමා වීමේ අවදානම මතුවීමත් සමඟ, මෙලෙස බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.76ක් ලෙස සටහන් වී ඇති අතර, එය 7.11%ක ඉහළ යාමකි.

මේ අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.76ක් ලෙස සටහන් වී ඇති අතර, එය 5.68%ක වර්ධනයකි.

එමෙන්ම, Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.40ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 17.80%ක ඉහළ යාමකි.

මෙම මිල මට්ටම වාර්තා වී ඇත්තේ පසුගිය මැයි මාසයෙන් පසු පළමුවරට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.