Tuesday, July 21, 2026
Follow Us
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡාක්
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
 
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශය යටතේ ඇති ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC), ලංකා ධීවර සංස්ථාව (CFC), සීනෝර් පදනම, මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්රාග්ධන වියදම්වල ප්රගතිය පිළිබඳ මෙහි දී පුළුල් ලෙස විමසා බැලිණි.
 
මෙරට මත්ස්ය නිෂ්පාදන ඉහළ නැංවීම සහ අපනයනය, ජනතාවගේ ප්රෝටින් අවශ්යතාව තහවුරු කිරීම සහ ධීවර ප්රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ක්රියාත්මක වැඩසටහන්හි ප්රගතිය සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
 
එමෙන්ම, මයිලඩි ධීවර වරාය සංවර්ධන ව්යාපෘතිය, ගන්දර ධීවර වරායේ සංවර්ධන කටයුතු, රැකව ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම, කරෛයිනගර් බෝට්ටු අංගනය නවීකරණය සහ ප්රතිසංස්කරණය ඇතුළු ප්රධාන ව්යාපෘතිවල සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශය යටතේ ක්රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය සහ 2027 ප්රතිපාදන අවශ්යතා පිළිබඳව ද සාකච්ඡා විය.
 
එමෙන්ම, දිට්වා ආපදාවෙන් විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම මෙන්ම ධීවර ජනතාවගේ ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම වෙනුවෙන් ක්රියාත්මක වැඩසටහනේ ප්රගතිය සහ පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු සහ දැල් ආම්පන්න ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 189ක ප්රතිපාදන යටතේ ක්රියාත්මක ව්යාපෘතියේ ප්රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
 
තව ද, ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන යටතේ ක්රියාත්මක භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ අනෙකුත් ෆයිබර් අපද්රව්ය ප්රතිචක්රීකරණය කිරීමේ වැඩසටහනේ ප්රගතිය පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබිණි.
 
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්ය අමාත්ය රත්න ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර,
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරු, මුදල් අමාත්යාංශයේ සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.