Saturday, July 18, 2026
Follow Us
සුළු අපනයන භෝග සඳහා විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක්

සුළු අපනයන භෝග මිලදී ගැනීම, අලෙවි කිරීම හා අපනයනය කිරීමට අදාල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් මාතලේ පලාපත්වෙල ප්‍රදේශයේ පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙ. වෙළද වාණිජ, ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීමට යෝජිත ස්ථානයේ නිරික්ෂණ චාරිකාවක ඊයේ (17) නිරත විය.

මෙම ස්ථානයේ සුළු අපනයන භෝග ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාල යෝජනාව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසින් වෙළද, වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට තිබේ ඒ් අනුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාල ස්ථානය නිරික්ෂණය ද ඊයේ සිදුවිය.

මාතලේ පලාපත්වල ප්‍රාදේශීය ග්‍රාමීය බැංකුව හා ජාතික කෘෂී වෙළද සේවා සමාගම එක්ව මෙම බහුකාර්ය සුළු අපනයන භෝග ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ. දෙස් විදෙස් පාරිභෝගිකයන්ට හා ව්‍යාපාරිකයින්ට මෙම ස්ථානයෙන් කුරුදු , ගම්මිරිස්, කරදමුංගු, සාදික්කා ඇතුථ සුළු අපනයන භෝග මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම මෙන්ම සංචාරක ආකර්ශනය වැඩි වන අයුරින් මෙම ස්ථානය වැඩි දියුණු කිරීමටද සැලසුම් කොට තිබේ.

මෙම ආර්ථික මධ්‍යස්ථානයට අදාල ව්‍යාපෘති වාර්තාව පිළිබදව අමාත්‍යවරයා ඇතුළු පිරිස දැනුවත් කිරිමේ වැඩසටහනක් ද මෙම නිරික්ෂණ චාරිකාවට සමගාමිව සිදුවිය.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මාතලේ ප්‍රාදේශී සභාවේ සභාපති සමීර ජයරත්න, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, පලාපත්වල සමුපකාර ප්‍රාෙද්ශීය ග්‍රාමිය බැංකුෙව් සභාපති චමින්ද සිිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.