Monday, April 27, 2026
Follow Us
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.

 

බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ළඟා කර ගෙන ඇති ප්රගතියත් මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
 
මෙම අරමුණු ඉටු කර ගැනීමේදී ආයතනය තුළ සිදු විය යුතු ප්රතිව්යුහගතකරණ සහ ඩිජිටල්කරණ ක්රියාවලිය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
 
ඒ අනුව ජාතික e-invoicing පද්ධතිය හඳුන්වා දීමේ වැඩසටහනේ ප්රගතිය සහ ඊට අදාළ නීතිමය ප්රතිපාදන පිළිබඳවද විමසා බැලුණු අතර එම සමස්ත ව්යාපෘතිය නිශ්චිත කාලරාමුව තුළ සම්පූර්ණ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
 
කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්රනාන්දු මහත්මිය ඇතුළු එහි ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.