රාජ්‍ය වියදම් විධිමත් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරනවා. මහජන නියෝජිතයින්ට ලබා දෙන දීමනා සහ ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතිය සමාලෝචනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අයවැය ඉදිරිපත් කරමින් සඳහන් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා
වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය පැත්තෙන් ආදර්ශයක් දීම සඳහාඇමති මණ්ඩලය අමාත්‍යවරුන් 21 දෙනෙකුට සීමා කළා. රාජ්‍ය වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරු වෙනුවෙන් වෙන් කරන ලද මන්දිර වැනි පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොමු කර තිබෙනවා. එවැනි දේපල ආර්ථික වශයෙන් ශක්‍යතාවයක් ඇති ව්‍යාපෘති සඳහා සහ මහජන අවශ්‍යතා සඳහා උපරිම ලෙස භාවිතා වේ. නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනු ලබනවා.
අධික ධාවන සහ නඩත්තු වියදම් දැරීමට සිදු වන සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනු ලබනවා.
• වාහන සඳහා රජයේ වියදම් අවම කිරීම
රජයේ නිලධාරීන්ට නිල වාහන ලෙස පවරන ලද වාහන ඉහළ ඉන්ධන පරිභෝජනයක් ඇති සැලකිය යුතු වටිනාකමකින් යුක්ත වාහන වනවා. මෙම වාහන සඳහා අධික නඩත්තු පිරිවැයක් දැරීමට වෙනවා. එබැවින් තෝරාගත් නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වන අධික වියදම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා.
• රාජ්‍ය ආයතන විධිමත් හා කාර්යක්ෂම කිරීම
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකේය රාජ්‍ය යාන්ත්‍රණය, පහසුවෙන් පාලනය කළ නොහැකි ව්‍යුහයක් දක්වා ක්‍රමයෙන් විශාල වී තිබෙනවා. සුදුසු අධ්‍යයනයකින් හෝ පදනමකින් තොරව රජයේ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය සම්පත් නාස්තියක් මෙන්ම, එමගින් රාජ්‍ය සේවාවන් ඵලදායී ලෙස සැපයීමට ද විශාල ලෙස බාධාවන් ඇති වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකම කාර්යය දෙවාරයක් සිදු කිරීම, නාස්තිය සහ රාජ්‍ය සේවාවන් ඵලදායී ලෙස සැපයීමට බාධා වීම සිදුව තිබෙනවා. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රාජ්‍ය ආයතන රැසක කාර්යයන් සහ ඒවායෙහි ඵලදායීතාවය සමාලෝචනය කිරීමට කමිටුවක් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් යුක්තවදැනටමත් පිහිටුවා තිබෙනවා. එහිදී කුමන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුද, වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කළ යුතුද, වසා දැමිය යුතුද, අරමුණ වෙනස් කළ යුතු ආයතන තිබේද, ආයතනයේ අරමුණට අනුකූල වන ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු ආයතන මොනවාද ආදිය ඒ අනුව යළි තීරණය කරන්නට පුළුවන්. මෙමගින්, රාජ්‍ය සේවාවන් සැපයීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හරහා රාජ්‍ය මුදල් නාස්තිය වලක්වාගැනීම සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගැනීමට අප අපේක්ෂා කරනවා.
• රජය සතු ව්‍යවසායන්හි ආයතනික පාලනය
රජය සතු ව්‍යවසායන් හේතුවෙන් පැන නගින අනාගත මූල්‍ය අවදානම අවම කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන්නේ රජය සතු ව්‍යවසායන්හි ආයතනික පාලනය වැඩිදියුණු කිරීමයි. මේ සඳහා, පාලනය, මූල්‍ය විනය සහ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් පරිපාලිතයන් (subsidiaries) ලෙස පවත්වා ගනු ලබන රාජ්‍යහිමිකාරිත්වය හා පාලනය ඇති පරිපාලක සමාගමක් (Holding Company) පිහිටුවනු ලැබේ.