Thursday, November 06, 2025
Follow Us
බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතීන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
 
දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.