Saturday, July 27, 2024
Follow Us
මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය අද සිට

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව ප්‍රදර්ශනය අද (19) කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් සංවිධානය කරන ලද සංචාරක උදාව ප්‍රදර්ශනය ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකරුවන්ට මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ අවස්ථාවන් සොයා ගැනීම සඳහා ඉවහල් වේ.

වෙළඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය අද (19)සහ හෙට(20) දිනයේදී පෙ. ව 10 සිට ප. ව 8:00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙන අතර හෝටල් ,සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම් , සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන මෙම අවස්ථාව සඳහා එක්ව සිටිති.

මෙම අවස්ථාවට SLAITO හි සභාපති නිශාද් විජේතුංග, සංචාරක උදාව ප්‍රදර්ශනයේ කමිටු සභාපති චරිත් ද අල්විස් යන මහත්වරු ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිසක් එක්ව සිටියහ.