Thursday, April 18, 2024
Follow Us
මුදල් රාජ්‍ය ඇමැති රටේ ආර්ථික තත්ත්වය හෙළි කරයි

රුපියලේ අගය වැඩිවීම ගැන අද සියලු පාර්ශ්වයන්ට කතා කිරීමට සිදු ව ඇත්තේ රජය විසින් සිදු කරන ලද සුවිශේෂී පාලනයන් නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට සමගාමීව සංචාරක කර්මාන්තයේ විශේෂ වර්ධනය ද මීට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනවාරි මස ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 437ක් ලැබී ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා එක පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 68%ක වර්ධනයක් බවයි පේන්වා දෙන්නේ. විදේශ සංචිත ප්‍රමාණය ද ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. සුරාබදු නිවේදන සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඊයේ (08) මේ බව පැවැසීය.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාන 211ක් වෙත මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. පාලනයක් සිදු කිරීම සහ රජයට බදු ආදායම ලබා ගැනීම යන කරුණු දෙක පදනම්ව ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2004 සිට 2016 වසර දක්වා මත්පැන් කර්මාන්තය 95%ක් ඉහළ ගොස් තිබේ. ඉන් නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තය වර්ධනය වී ඇත්තේ 50%කිනි. නීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදනයේ වර්ධනය 300%ක් පමණ වන බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.
බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ 2800ක් පමණ ය. එහෙමත් මෙම අලෙවිසැල්වල අවිධිමත් ස්ථානගත වීමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස උතුර නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් 80ක් පමණ යන තුරු මත්පැන් අලෙවි සැලක් නොමැත. මෙහි ප්‍රතිඵලය වන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් ප්‍රචලිය වීමයි.


2022 වර්ෂය තුළ තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 67,964,160ක් ආනයනය කර තිබේ. මේ සඳහා වියදම ඩොලර් මිලියන 30කි. එම පිටි ප්‍රමාණය මෙරට ජනගහනයෙන් බෙදූ කළ තිරිගු පිටි කිලෝග්‍රෑම් තුනක් පමණ වාර්ෂිකව පරිභෝජනය කර ඇත.
“සහල් අලෙවි කර ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ මේ පිටි කිලෝග්‍රෑම් තුනෙන් එකක් ජනතාවට හැකි නම් සහල් භාවිතය බවට පරිවර්තන කර ගන්න මේ වාගේ අවස්ථාවක ගත හැකි වටිනාම පියවරක් වෙනවා.


ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව අපට හොඳ අස්වැන්නක් ලැබී ඇති නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර අනිත් සහල් ආනයනය අත්හිටුවන්න.
2020 දී අපි ආනයනය කරල තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 5,735කි. නිෂ්පාදනය අඩු විමත් එක්ක 2021 වසරේ දී ඒම සංඛ්‍යාව 2261%ක ප්‍රතිශතයකින් ඉහළ නංවමින් සහල් මෙට්‍රික් ටොන් 135,476ක් ආනයනය කිරීමට සිදු තිබේ. 2022 වන විට එය යළිත් මෙට්‍රික් ටොන් 733,385ක් දක්වා ඉහළ දැමීමට සිදු විය. අද වන විට මෙම සහල් ආනයනය සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබේ. ඒ මේ මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන්. අපි රුපියල් මිලියන 10,000ක් වැය කරල ආරම්භයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 85,000ක් මිල දී ගන්න උත්සහ කරනවා පවුල් වෙත බෙදා දෙන්න” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.