Saturday, July 05, 2025
Follow Us
විදේශ ආදායම ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට යයි 

මෙම වර්ෂයේදී විදේශ රැකියා වලින් හිමිවන ආදායම ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඉකුත් මැයි මාසයේදී ඩොලර් මිලියන 175ක් වුණු එම ආදායම ජනවාරි මස වන විට ඩොලර් මිලියන 476 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

මහනුවර පැවති උත්සව අවස්ථාවට ඊයේ (01) එක්වෙමිනි.

මේ වන විට තුන්ලක්ෂ දොළාස්දහසක පිරිසක් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් විදේශගතවන්නන් ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව ක්‍රියාපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.