Tuesday, January 13, 2026
Follow Us
රටේ උද්ධමනය තවදුරටත් ඉහළට

මෙරට උද්ධමනය යළි ඉහළ ගොස් තිබෙනවා. අද නිකුත් කළ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් මස වාර්තාවට අනුව මෙරට උද්ධමනය දැක්වෙන්නේ සියයට 73.7 ක් ලෙසයි.

ඉකුත් අගෝස්තු මාසයේ එය සියයට 70.2 ක් ලෙස දැක්වුණා. සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය ද සියයට 85.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අගෝස්තු මාසයේ පැවති සියයට 84.6 ක මට්ටමේ සිටයි.

අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය වන විට ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.38 කින් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය සියයට 1.96 කින් ඉහළ ගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

Neth