Tuesday, January 13, 2026
Follow Us
ලෝකයේ අර්බුදයෙන් මෙරට රත්තරං මිලටත් බලපෑම්

ගෝලීය දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ මෙරට රත්තරං වෙළඳපොලට ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම කාල සමය රත්තරං මිල ඉහළ යන සමයක් වුවද මේ වන විට රත්තරං මිල කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මීට දැඩි ලෙස බලපා ඇත්තේ ලෝක රත්තරං වෙළඳපොළට සම්බන්ධ රටවල උද්ධමනය ඉහළ යාමයි. රත්තරං මිල මෙලෙස දිගින් දිගටම පහළ ගියහොත් එය ලෝක ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්. එම තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද ? මේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ආයෝජනයක් ලෙස රත්තරං මිලදී ගත් පිරිස් වෙත පවතින තත්ත්වයෙන් පාඩුවක් සිදුවන බවයි ඔහු පැවසුවේ. එහෙත් එය පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර පැවසුවා.

 

Neth