Tuesday, January 13, 2026
Follow Us
ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු නවතයි …

ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු විශේෂ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහබැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාණිජ බැංකු විසින් මින් ඉදිරියට ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් අලුතින් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු කල්පිරුණු පසු නැවත දීර්ඝ නොකරන බව සඳහන්.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා 15%ක ඉහළ පොළියක් ලබාදීමට වාණිජ බැංකු වසර ගණනක සිට කටයුතු කළ අතර මේ වනවිට පොළී අනුපාත ඉහළ යාම මත සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන අයට ද 23%ක පොළියක් හිමි වේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු නතර කිරීමෙන් ගනුදෙනුකරුවන්ට පාඩුවක් සිදුනොවන බවයි වාණිජ බැංකු පෙන්වා දෙන්නේ.

LNW