Friday, April 26, 2024
Follow Us
කොළඹ උද්ධමනය 69.8% ක් දක්වා ඉහළට

ආහාර උද්ධමනය 95%ට ආසන්න වෙයි


කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

එය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වනවිට 69.8%ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ සියයට 93.7ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9ක් දක්වා ඉහළගොස් තිබේ.

පසුගිය මාසයේ සියයට 50.2 වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මෙම මාසයේ සියයට 57.6ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ උද්ධමනය දැක්වුණේ සියයට 70.2ක් ලෙසය.

Aruna