Tuesday, January 13, 2026
Follow Us
රන් මිල තවත් පහළට

අද හෙට්ටිවීදියේ රන් මිල මෙන්න


මෙරට රත්‍රං මිල ගණන් ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යාමක් අද (27) දිනයේ දීද වාර්තා වී ඇත.

මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.

ඊයේ(26) දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.

Aruna