Tuesday, January 13, 2026
Follow Us
බ්‍රිතාන්‍ය පවුමත් බාල්දුවෙයි

පවුම පහළම අගයට වැටෙයි


බ්‍රිතාන්‍යය ස්ටර්ලින් පවුම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලර් 1.6 ක් ලෙස පහළම අගයට ඇද වැටී ඇති බව වෙයි.

එය 1971 වසරෙන් පසු වාර්තා වූ පහළම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය පොලී අනුපාත ඉහළ දැමීම බ්‍රිතාන්‍ය පවුමේ අගය අවප්‍රමාණවීමට එක් හේතුවක් වී ඇත.

මීට පෙර ද ආසියානු වෙළඳපොලේ දී බ්‍රිතාන්‍ය පවුම 4% පහළ ගොස් ඩොලර් එකයි ශත තුනක් බවට වාර්තා වී තිබුණි.

ඊට හේතු වී තිබුණේ ඓතිහාසික බදු කප්පාදු කිරීමේ තීරණයකට බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් එළඹීමත් සමඟය.

Aruna