Tuesday, January 13, 2026
Follow Us
තේ අපනයන අදායම පහලට

පොහොර හිඟය නිසා තේ කර්මාන්තය පාඩු ලබයි


ගත වූ මාස 8 ක කාලය තුළදී තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 825 ක ආදායමක් උපයාගෙන ඇති නමුත් එය, පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 882 ක් උපයා තිබුණි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තේ අපනයන ආදායම පහළ වැටීමට හේතුවී ඇත්තේ පොහොර හිඟය, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු ගැටළු හේතුවෙන් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna