Thursday, September 18, 2025
Follow Us
අපනයන ලැබීම් හා ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ලිහිල් කරයි

සේවා අපනයන ලැබීම් හා ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම අනිවාර්යය අවශ්‍යතාව පනවනු ලැබුවේ සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන් ව දිරිමත් කිරීමේ අරමුණින්.

ඒ අනුව අගෝස්තු 12 වන දින හෝ ඉන් පසු ව සිට සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි බවයි මහ බැංකුව පැවසුවේ. සේවාව ලබා දුන් දින සිට දින 180 ක් ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස් ව පවතින බව ද මහ බැංකුව සඳහන් කළා.
Neth