Sunday, April 26, 2026
Follow Us
පිටරටින් එන මුදල් අඩු වෙලා

මහ බැංකුවෙන් නිවේදනයක්


පසුගිය වසර හා සාපේක්ෂව සැසඳීමේදී මේ වසරේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 50% කින් අඩු වී තිබේ.

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදේශ රැකියාවල නියුක්තිකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේෂණවල එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 1,889.4 ක්ය.

එමෙන්ම ජූලි මාසයේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 279.5 ක් වී ඇත.

ඒ අනුව පසුගිය වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී මේ වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 50%කින් අඩුවී ඇති බව මහ බැංකුව සඳහන් කළේය.

Aruna