Sunday, May 05, 2024
Follow Us
ලංකා බැංකුවට වාර්තාගත බදු පෙර ලාභයක්

ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43 ක බදු පෙර ලාභයක් උපයා තිබෙනවා. ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගණුදෙනුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්ක සපුරා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ, ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාවේදීයි.

රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා ලංකා බැංකුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමණාකරු කේ ඊ ඩී සුමනසිරි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.

Neth