Thursday, March 28, 2024
Follow Us
අප්‍රේල් මස වාහන ආනයනය කරයි?

රජයට වැඩි ආදායමක් උපයන්න නම් වාහන ආනයනය කළ යුතුයි


මෝටර් රථ ආනයනයට ඉඩ දෙන ලෙස ව්‍යාපාරිකයන් රජයෙන් යළි ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා ‌වේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආනයන නතර කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල දෙගුණ තෙගුණ වී ඇති බවයි.

ප්‍රථම වරට වාහනයක් මිලදී ගැනීමේ සිහිනයක සිටින ජනතාව මේ වන විට විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව ඔවුන් සදහන් කරයි.

පසුගිය දිනෙක විදුලියෙන් ධාවනය වන වාහන ගෙන්වන්නට ඉඩ දෙන බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එය ප්‍රකාශ කර තිබේ.

විනිමය පාලන පියවරක් වශයෙන් රජය වාහන ආනයන සීමා කර ඇත. වාහන නොගෙන්වන තීරණය එහි ප්‍රතිඵලයක් වී ඇත.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය රජයට වැඩිම බදු ආදායම ගෙන දෙන මාර්ගයක් බවයි.

වාහනයක වටිනාකම ඉක්මවා සියයට තුන්සියයක සිට එක්දහස් පන්සීය දක්වා බදු අය කරන අවස්ථා ද ඇති බව ඔවුන් සදහන් කරයි.

එමෙන්ම ගෙන්වන වාහන ලියාපදිංචියේදී සහ වාර්ෂික බලපත්‍ර ගාස්තුවලින් තවත් ආදායමක් ලැබේ.

මෝටර් රථ වෙළෙඳාම තුළ විශාල ව්‍යවසායකත්වයක් ඇති බව වාහන ආනයනයකරුවන් සදහන් කරයි.

වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය රටක වැදගත් අංශයක් බවත්, නිතිපතා පරිහරණය කරන වාහන හා භාවිතයෙන් ඉවත්වන වාහන ප්‍රමාණයක් ඇති බවයි.

ඒවා නිසි පරිදි කළමණාකරණය නොකළහොත් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත්, අබලි වාහන ධාවනයට නුසුදුසු බව වාහන ආනයනයකරුවන් පෙන්වා දෙයි.

රට තුළ වාහන මිලදී ගැනීම් සහ විකිණීම් කරන තවත් ව්‍යාපාරික ප්‍රජාවක් සිටින නමුත්, ඔවුන් සිදුකරන්නේ භාවිතා කරන වාහන විකිණීමේ මාෆියාවකි.

ඔවුන් අප්‍රේල් මස ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන බව සදහන් කරමින් අසත්‍ය ප්‍රචාර පතුර වන බවත්, ඒ හරහා වාහන හදිසියේ විකීමට අයිතිකරුවන් පොළඹවා ඒවා වැඩි මිලට අලෙවි කරමින් සිටින බව වාහන ආනයනයකරුවන් පෙන්වා දෙයි.

එයා ඉතා බරපතල තත්ත්වයක් බවත් ඉන් රජයට කිසිදු ලාභයක් නොමැති බව ද වාහන ආනයනයකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Aruna)