මාතලේ දිස්ත්‍රික්කයේ පළාපත්වල ගොවිජනසේවා බල ප්‍රදේශයේ කලුවැල්ගොඩ අමුණ ප්‍රතිසංස්කරණය පසුගියදා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
කලුවැල්ගෙඩ අමුණ ප්රතිංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 10.8ක් වෙන් කර තිබේ.
මෙම අමුණ ප්‍රතිසංස්කරණය කිරිමත් සමග අක්කර 100කට වඩා වැඩි ප්‍රමාණයක් යල මහ කන්න දෙකේ වගා කිරිමට අවස්ථාව සැලසේ.
මෙම ව්‍යාපෘතිය සදහා දුම්බර හරිත සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන සපයා තිබේ.