දකුණු පළාත් තාක්ෂණ සේවය සඳහා බඳවා ගන්නා ලද තාක්ෂණික නිලධාරීන් සහ සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය පසුගිය (16) වන දින ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ මහතා ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූහ.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් තාක්ෂණික නිලධාරීන් 39 දෙනෙකුට සහ සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් 08 දෙනෙකුට මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කෙරිණි. එම නිලධාරීන් දකුණු පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සේවා අංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතයි.