Monday, March 09, 2026
Follow Us
කොළඹින් ඉතාලියට ගුවන් ගමන් අරඹයි
ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් පීඩාවට පත් මගීන්ට සහන සැලසීම සඳහා රෝමය බලා විශේෂ ගුවන් යානයක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.

 

ඒ අනුව අද UL 1213 දරන විශේෂ ගුවන් යානය කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ සිට ඉතාලියේ රෝම ෆියුමිසිනෝ ගුවන්තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ.
 
​මෙම විශේෂ ගුවන් ගමන සඳහා එයාර් බස් A330-343 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇති අතර මෑතකාලීනව ඇති වූ ගෝලීය ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් අතරමං වූ මගීන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙය ක්රියාත්මක කර ඇති බව වාර්තා වේ.
 
පසුගිය දින කිහිපය පුරා විවිධ ගුවන් සේවාවන්හි ගමන් වාර අවලංගු වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටි මගීන් පිරිසකට මෙමගින් සිය ගමනාන්ත වෙත ළඟා වීමට අවස්ථාව සලසා දී ඇති බව ද වාර්තා වේ.