Wednesday, December 31, 2025
Follow Us
හයවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ වැරදි පරීක්ෂණයට CIDට පැමිණිල්ලක්

හයවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ වැරදි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ බාහිර බලපෑමක් ඇත්දැයි අධ්‍යාපන අමාත්‍යංශයට සාධාරණ සැකයක් මතුව තිබෙන බවත්, ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අධ්‍යාපන ලේකම්තුමන් මාධ්‍ය අමතමින් අද (31) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මේ බව සඳහන් කළේය.