“රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවට, නුගේගොඩ පිහිටා තිබෙන අපගේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය කොලයක මුද්‍රණය කරලා තමයි මෙතෙක් කලක් ලබාදුන්නේ.
එම ක්‍රමවේදය මගින් අක්‍රමිකතා රැසක් සිදුවන බවට අපට තහවුරු වී තිබෙනවා. ඒ නිසා ඉදරියේදී එම අක්‍රමිකතා අවම කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නවා” යැයි වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (25) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
මෙම චාරිකාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ද සහභාගි විය.
රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මේ වනවිට මුද්‍රණ පිටපතක් ආකාරයෙන් වෛද්‍ය සහතිකය නිකුත් කරනු ලැබේ. මෙම ක්‍රමවේදය විනිවිදභාවයෙන් තොරවන බවත්, අක්‍රමිකතා සිදුවන බවටත් අනාවරණය වී ඇති හෙයින්, එම අක්‍රමිකතා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බවට තිරණය කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා,
“රියදුරු බලපත්‍රයක් කල් ඉකුත්වූ විට එය අලුත් කරගැනීමටත් වේරහැරට එන්න වෙලා තියෙනවා. එය ජනතාවට විශාල අපහසුතාවක්. වේරහැරට පැමිණීම අනිවාර්යය වෙලා තියෙන්නේ ඇඟිලි සලකුණු ලබාදීමට අවශ්‍ය නිසා පමණයි. තවත් මාසයක් වැනි කාලයක් තුල මෙම ක්රමවේදයත් වෙනස් කරලා, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිමට වේරහැරට එන්නෙ නැතිව, පහසුවෙන් කරගත හැකි ක්‍රමවේදයක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කරලයි තිබෙන්නේ” යැයි පැවසීය.